ෆොටෝෂොප් භාවිතයෙන් තමන් විසින් ගත් ඡායාරූපයක් වැඩි දියුණු කර කාඩ් එකක් සාදා ගැනීම
මට හිතුනා අද වෙනස් ආකාරයේ ලිපියක් පල කරන්න. ඔබටත් පුළුවන් මෙම ක්‍රියාකාරකම අත්හදා බලන්න. අවශ්‍ය වන්නේ කුමන හෝ ආකාරයේ කැමරාවක් (ඒක ෆෝන් එකේ කැමරා එක උනත් කමක් නැහැ) සහ ෆොටෝෂොප් මෘදුකාංගය පමණයි.
මේ බලන්න මෙන්න මේ වගේ ෆොටෝ එකක් (වම් අත පැත්තේ) අරන් බලමු ඒක දකුණු අත පැත්තේ තිබෙන ෆොටෝ එක ආකාරයට සකසා ගන්නේ කොහොමද කියලා.
1. මුලින්ම ෆොටෝෂොප් “ටූල් බොක්ස්” හි ඇති “සිලෙක්ට්” ටූල් එක භාවිතයෙන් අනවශ්‍ය පසු බිම ඉවත්
කර අවශ්‍ය කොටස පමණක් තෝරාගෙන යුතුයි.
2.
තෝරාගත් කොටස “කොපි” කර ෆයිල් -> නිව් ගොස් අළුත්
ෆයිල් එකක් විවෘත කර එහි කොපි කරගත් කොටස පේස්ට් කර ගත යුතුවේ. එවිට තෝරාගත් කොටස
පහත අයුරින් දිස් වේ.
3. දැන් ඡායාරූපය ගෙන අවසන් නිසා මෙවන්
තත්ත්වයක් ෆොටෝශොප්හි “බර්න්” ටූල් එක භාවිතයෙන් අවම කරගන්න පුළුවන්.
රූපය
බර්න් කරන විට සොෆ්ට් බ්‍රෂ් එක සෑම විටම භාවිත කිරීම සුදුසු වන්නේ හාර්ඩ්
බ්‍රෂ් එකෙන් පාර සිටිනා බැවිනි.
තවද බර්න් හි එක්ස්පෝසර් අගය 75-80ත් අතර ඉහල අගයක්
ලබා ගත යුතුය (එම අගය රූපයේ ඇති සුදු පැහැ ඉවත් කර ගත යුතු ප්‍රමාණය අනුව වෙනස්
වේ)
* බර්න් කිරීමේදී එක් තැනක් එක් වරකට වඩා
බර්න් කිරීමෙන් එම ස්ථානය අනවශ්‍ය ලෙස කළු වීමක් සිදු වේ. එම නිසා මවුස් බට්න් එක
අත නොහැර මුළු පින්තූරයම නොකඩවා බර්න් කර අවසන් කිරීම සුදුසු වන අතර බ්‍රෂ් එකේ
අගය තරමක් විශාල කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.
4. දැන් කල යුතු වන්නේ පසු බිම නැත්නම්
බැක්ග්‍රවුන්ඩ් එක බොඳ කිරීමයි. මේ සඳහා
පලමුවෙන්ම අප ෆෝකස් කල වස්තුව (ඔබ්ජෙක්ට් එක) නැත්නම් මේ රූපයේ හැටියට නම් ඉත්ත
හැර අනෙකුත් කොටස් සම්පූර්ණයෙන්ම බොඳ කල යුතු වෙනවා. මේ දෙය කරන්න නම් අපිට සිද්ධ වෙනවා ඉත්ත
සිලෙක්ට් කරන්න ප්‍රථමයෙන්ම. අපි මීට කලින් කලේ සමචතුරශ්‍රාකාර කොටස් සිලෙක්ට් කරන
එක විතරයි. ඒත් කොහොමද විවිධ හැඩ තල රාශියක් තිබෙන දෙයක් සිලෙක්ට් කරන්නේ?
මේ සඳහා ටූල්ස් කිහිපයක් තිබුණත් වඩාත්
ලෙහෙසියෙන් සහ ඉක්මණින් මේ දේ කරන්න පුළුවන් වන්නේ මැග්නටික් ලෙසෝ ටූල් එක භාවිත
කරලයි. එමඟින් අදාල ඔබ්ජක්ට් එකෙහි අවුට්ලයින් එක (දාරය) වටෙහි අප මවුසය රැගෙන යන
විට ස්වයංක්‍රීයව දාරය සිලෙක්ට් වෙනවා.
![]() |
මැග්නටික් ලෙසෝ ටූල් එක |
· මැග්නටික්
ලෙසෝ ටූල් එකෙන් දාරය සිලෙක් කර අවසන් කරන ආකාරය: ඔබ පටන් ගත් පොයින්ට් එක මතම
අවසන් පොයින්ට් එකත් තබන්න. අවසන් පොයින්ට් එක තැබීමට ආරම්භක පොයින්ට් එක මත මවුසය
තබද්දී මවුස් පොයිටර් එක රවුමක් ආකාරයට වෙනස් වන ආකාරය දැක ගත හැක. එවිට ආරම්භක
පොයිටර් එක මත ක්ලික් කරන්න. ඉන් පසු දකුණු පස රූපයේ දැක්වෙන පරිදි ඉත්ත පමණක් කඩ
ඉරි මඟින් සිලෙක්ට් වනු ඇත.
· - එහෙත් අපට
සිලෙක්ට් කර ගත යුතු වන්නේ පසු බිමයි. මන්ද, අපට බොඳ කර ගැනීමට අවශ්‍ය වන්නේ පසු
බිම බැවිනි.
එබැවින් මැග්නටික් වෑන්ඩ් ටූල් එක ගෙන පින්තූරය උඩ රයිට් ක්ලික් කර, එන මෙනු එකෙන් “සිලෙක්ට් ඉන්වර්ස්” ගන්න. එමඟින් රූපයේ අපි සිලෙක්ට කල ඉත්ත හැරුණු කොට අනෙකුත් සියල්ල සිලෙක්ට් වේ. එනම් පසු බිම.
ෆොටෝශොප්හි ප්‍රධාන ඩ්‍රොප් ඩවුන් මෙනු
එකෙහි ෆිල්ටර් -> බ්ලර් -> ගව්සියන් බ්ලර් සිලෙක්ට් කරන්න.
මෙම පින්තූරයෙහි පසු බිම
අනුව එය සම්පූර්ණයෙන්ම බොඳ කිරීමට නම ගව්සියන් බ්ලර් හි රේඩියස් නම් අගය 50ක් පමණ
කල යුතුය. මෙම අගය වෙනස් කිරීම
පින්තූරයෙන් පින්තූරයට වෙනස්වන අතර. එය තමා විසින් සිතා මතා දැමිය යුතුය.
බැක්ග්‍රවුන්ඩ් එක බොඳ වූ
පසු මේ ආකාරයට දිස්වේ. ඕනෑම බ්ලර් කිරීමකින් අනතුරුව නැවතත් බ්ලර් කල කොටසේ පමණක
සුදු ගතිය මතුව ඒම සාමාන්‍ය ලක්‍ෂණයකි. එනිසා. නැවතත් සිලෙක්ට් වී ඇති එම කොටස
පමණක් බර්න් කර සුදු ගතිය ඉවත් කරන්න.
7. පසු බිම
කළු කිරීම. අයි ඩ්‍රොපර් ටූල් එක ගෙන රූපයේ කළු පැහැ කොටසක් මත තබා එම කොටසේ පැහැය
තෝරා ගන්න
ඇයි පසු බිමේ තිබෙන පාටක්
තෝරන්නේ? බැක් ග්‍රවුන්ඩ් එක කළු පැහැ කරන්න නම්. අපට ඕන ඕන ආකාරයට කළු පැහැ කලොත්
පින්තූරයට කෘතිම ස්වාභාවයක් එන්න පුළුවන්. එනිසා රූපයේම තිබෙන ස්වාභාවික කළු
පැහැයක් ලබා ගන්න එක තමා හොඳ. අයි ඩ්‍රොපර් ටූල් එක මඟින් මෙය කල හැකිවන අතර, එසේ
සිලෙක්ට් වුණ පැහැය දකුණු පස රූපයෙන් පෙන්වනවා. එය ඇත්තේ ටූල් බොක්ස් එකෙයි. දැන්
පේන්ට් බ්‍රෂ් එකෙන් පාට කලොත් පාට වෙන්නේ අපි රූපයෙන් සිලෙක්ට් කල පැහැයමයි.
දැන් රූපය සම්පූර්ණයෙන්ම කළු පැහැ නොකර
ස්වාභාවික ගතිය පෙනෙන සේ සුදුසු ස්ථාන පමණක් කළු පැහැ කරන්න. මේ සඳහා පේන්ට් බ්‍රෂ්
එක යොදා ගන්න. මෙහිදීද සොෆ්ට් බ්‍රෂ් එක භාවිතා කිරීමට වග බලා ගන්න. ඔබට පෙනෙනවා
ඇති පසු බිමේ තැනින් තැන කොල පැහැ පෙදෙසුත් ඉතිරි කර ඇති බව. එමඟින් රූපයේ
ස්වාභාවික ගතිය ආරක්‍ෂා වේ.
අපට පුළුවන් දල්ලේ තිබෙන රත් පැහැ ගතිය වැඩි කරන්න. ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ ඉමේජ් -> ඇජස්ට්මන්ට්ස් -> හියු/
සැටුරේශන් ගොස් මෙය කල හැකියි.
9. අවසාන වශයෙන් අපිට මෙසේ සකසාගත් පින්තූරය මත කවියක්
හෝ කිසියම් වැකියක් ටෙක්ස්ට් ටූල් එක ආධාරයෙන් ටයිප් කර ගත හැකියි.
මේ ඇත්තේ එසේ අවසාන වශයෙන් සකසා ගත් රූපයයි.
Written by Ishani Narahenpita- ICT teacher, Sri Sumangala College.
No comments:
Post a Comment