එතෙක් මෙතෙක් ලොව කැලඹූ මෘදුකාංග දෝෂ
1962, මැරිනර්-I අභ්‍යවකාශ යානාවේ විනාශය
- වර්ෂ 1962 දී ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් ආරම්භ කරන ලද “මැරිනර්” අභ්‍යවකාශ ව්‍යාපෘතිය ලොව ප්‍රථම ග්‍රහ ලෝක ගවේශක ව්‍යාපෘතිය විය.
- බුධ, සිකුරු සහ අඟහරු යන ග්‍රහ වස්තූන්ගේ කක්ෂයන්ට අභ්‍යවකාශ යානා යවා එම ග්‍රහ වස්තූන්ගේ ඡායාරූප ගෙන අධ්‍යයනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
- එලෙසින්ම පෘතුවියට වෙනත් ග්‍රහ ලෝකයක ප්‍රථම ඡායාරූපය එවනු ලැබුවේද මේ මැරිනර් ව්‍යාපෘතිය යටතේයි.
- මෙසේ මැරිනර් ව්‍යාපෘතිය යටතේ තැනූ අභ්‍යවකාශ යානා දහයෙන් හතක්ම සාර්ථක වූ අතර අනෙක්වා නොයෙක් හේතු මත විනාශ වුණි.
- මැරිනර් 1 යනු මැරිනර් ව්‍යාපෘතිය යටතේ අත්හදා බැලූ ප්‍රථම අභ්‍යවකාශ යානාවයි. එය 1962 ජූලි 22ක ඇමෙරිකාවේ කැනවරල් තුඩුවෙන් සිකුරු ග්‍රහලෝකය බලා පිටත්ව යෑමට නියමිතව තිබුණි.
- එහෙත් ගුවන් ගත වී තත්ත්පර 294.5ක් ගිය තැන නියමිත ගමන් මාර්ගයෙන් ඉවතට පැන ගමන් ගත් අභ්‍යවකාශ යානාව, ස්වයංක්‍රීයව විනාශ කර දැමීම සඳහා පාලන මධ්‍යස්ථානයට අණ නිකුත් කිරීමට සිදු විය.
- සියළු දෙනා අධෛර්යට පත් කරමින් මැරිනර් ව්‍යාපෘතියේ ප්‍රථම අභ්‍යවකාශ යානාව ඩොලර් මිලියන ගණනක් දවාලමින් අත්ලන්තික් සාගරයට ඉහලින් පුපුරා සාගර තරංග හා එක්විය.
- අභ්‍යවකාශ යානාව නියමිත ගමන් පථයෙන් ඉවතට පැන ගමන් කිරීමේ හේතුව නාසා ආයතනය විසින් ඇමෙරිකානු රජයට දැන්විය යුතු විය.
- Fortran නම් පරිගණක භාෂාව භාවිතා කර මැරිනර් 1ක යානාව, පෘතුවි කක්ෂයෙන් පිට වීමේ සිට සිකුරු කක්ෂයට ඇතුළු වීමේ ක්‍රියාවලිය දක්වා ස්වයංක්‍රීයව සිදුකිරීමට පරිගණකයට උපදෙස් දී තිබිණි.
- එසේ නම් වරද ඇත්තේ යානාව ස්වයංක්‍රීයව හසුරවන්නට ලියා තිබූ මෘදුකාංගයේ විය යුතුයි.
- මෘදුකාංගයේ ක්‍රම ලේඛනය (Codes) පේලියෙන් පේලිය විශ්ලේෂණය කෙරිනි. වරද ඉතා බරපතල විය එසේම නාසා ආයතනය අපහසුතාවයට පත්වූයේ මෙවන් වරදක් ඇමෙරිකානු රජයට දන්වන්නේ කෙසේද කියායි.
- වරද නම් යානයේ ගමන් පථය ගණනය කිරීමේ සූත්‍රයෙහි යම් ස්ථානයක අඩු කිරීමේ ලකුණක් (-) දැමීමට අතපසු කිරීමයි.
- එනිසා යානයේ මධ්‍යම සැකසුම් ඒකකය (CPU) විසින් යානයේ ගමන් පථය තීරණය කිරීමට අදාලව අසත්‍ය උපදෙස් නිකුත් කරන ලදී.
- යානය තව දුරටත් වැරදි ගමන් පථයක යැවීමේ තේරුමක් නොමැති නිසා පාලන මධ්‍යස්ථානය විසින් යානයට ස්වයංක්‍රීයව විනාශ කරගැනීම සඳහා අණ නිකුත් කෙරිනි.
- මැරිනර් 1 යානය අපොහොසත් වූ සිකුරු ග්‍රහයා ගවේශනය කිරීමේ කාර්යභාරය පසු කලෙක මැරිනර් 2ක අභ්‍යවකාශ යානාව විසින් ඉටු කරන ලදී.
අභ්‍යවකාශයට දිස් වූ ට්‍රාන්ස් සයිබීරියානු ගෑස් නල පිපිරුම (1982)
- මේ ඇමෙරිකා එක්සත් ජනපදයත්, සෝවියට් රුසියාවත් අතර සීතල යුද්ධයක් තිබුණු කාල වකවානුවයි (ඒ කියන්නේ තාක්ෂණය අතින් ජයග්‍රහණය කිරීමේ යුද්ධයක් )
- 80 දශකය වන විට ලෝකයේ ස්වාභාවික ගෑස් අපනයනයෙන් 45% ක් පමණ සිදු කෙරුනේ සෝවියට් රුසියාව විසින්.
- ඉතින් ඔවුන් සුවිසල් සයිබීරියානු තැනිතලාව හරහා මහා ගෑස් නල පද්ධතියක් ස්ථාපනය කරලා තිබුණා.
- පහත දැක්වෙන්නේ එලෙස සයිබීරියානු තැන්න හරහා ස්ථාපනය කරන ලද ගෑස් නල මාර්ගය සිතියමක දැක්වෙන ආකාරයයි
- ස්වාභාවික ගෑස් අපනයනයෙන් රුසියාව ඩොලර් බිලියන ගණනින් ආදායම් ඉපැයූ අතර ඔවුන්ට තමන්ගේ ගෑස් නල පද්ධතිය තව දුරටත් ප්‍රසාරණය කිරීමට අවශ්‍ය විය.
- යාන්ත්‍රිකව ගෑස් නල පද්ධතිය මෙහෙයවීමෙන් හෙම්බත්ව සිටි රුසියාව නල පද්ධතියේ කටයුතු පරිගණකගත කොට ස්වයංක්‍රීයව සිදු කිරීමේ විශාල උනන්දුවකින් පසු විය.
- එහෙත් අවාසනාවකට ඇමෙරිකාවේ මෙන් රුසියාවට දියුණු පරිගණක තාක්ෂණයක් නොවීය.
- පරිගණක මහ මොලකරුවන් ඒ වන විට බිහි වී සිටියේ ඇමෙරිකාවෙනි.
- ඇමෙරිකා එක්සත් ජනපදය ද ගෑස් අපනයන කටයුතුවල නිරත වී සිටි අතර එම ගෑස් නල පද්ධති සම්පූර්ණයෙන්ම පරිගණකගත කර තිබුණි.
- ඇමෙරිකාව තමන්ගේ පරිගණක තාක්ෂණය කිසි විටෙකත් රුසියාවට කාන්දු නොවන්නට වග බලා ගත්හ.
- එවකට ස්වයංක්‍රීයව ගෑස් නල පද්ධති මෙහෙයවන මෘදුකාංගයේ අයිතිය තිබුණේ SCADA නම් කැනේඩියානු සමාගමකටය.
- මේ අතර රුසියාව විසින් තම රහස් ඔත්තු සේවයේ සිටි “KGB” (Colonel Vladimir Vetrov නම් නිලධාරියාව SCADA සමාගමට යවන්නේ මෘදුකාංගය සොරකම් කරගෙන එනු පිණිසය.
- කෙසේ හෝ ඇමෙරිකාවට රුසියානු ඔත්තු කරුවෙක් තම මෘදුකාංගයක් සොරා ගැනීමට කැනඩාවේ SCADA සමාගමට පැමිණ ඇති බව සැල විණ.
- ඇමෙරිකාව විසින් KGB හට සාර්ථකව මෘදුකාංගය සොරකම් කිරීමට ඉඩ සලස්වන ලදී.
- ඒ එම මෘදුකාංගය රුසියාවේ ට්‍රාන්ස් සයිබීරියානු ගෑස් නල පද්ධතියට ස්ථාපනය කල පසු ගෑස් නල පාලනය වන පරිගණක පද්ධතිය තුලට ඇමෙරිකාවට රහසේ ඇතුළු වීමට ඉඩ සලසා දෙන ට්‍රෝජන් නම් වෛරසයක්ද සමඟයි.
- පසු කලෙක ට්‍රෝජන් වෛරසයේ පිහිටෙන් ට්‍රාන්ස් සයිබීරියානු පරිගණක පද්ධතිය “හැක්” කල ඇමෙරිකාව විසින් ගෑස් නල පද්ධතියේ ගෑස් පරිවහනය වන පීඩනය, යකඩ නලවලට දරාගත නොහැකිවන මට්ටමකට ඉහල නැංවීම පිණිස උපදෙස් මාලාවක් පරිගණක පද්ධතියට නිකුත් කරන ලදී.
- එහි ප්‍රථිපලය ලෙස ලොව එතෙක් මෙතෙක් සිදු වූ න්‍යෂ්ඨික නොවන සුවිසල්ම පිපිරුම 1982.06.30 වන දින ට්‍රාන්ස් සයිබීරියානු ගෑස් නල පද්ධතිය පිපිරුමෙන් වාර්තා විය
- TNT කිලෝ ටොන්, ගණනක පිපිරුමක් වූ එහි ප්‍රබලතාව කෙතරම්ද යතොත් අභ්‍යවකාශයේ ස්ථාපිත කර තිබූ ඇමෙරිකානු චන්ද්‍රිකා විසින් පිපිරුම ඡායාරූප ගත කර තිබුණි.
- මෙහි දැක්වෙන්නේ එම පිපිරුමේ රූපයක් පරිගණක ආශ්රයෙන් ප්‍රති නිර්මාණය කර ඇති ආකාරයයි
පිළිකා රෝගීන්ට මරු කැඳවූ මාරක X කිරණ ජනකය Therac-25 (1985-87)
- 1985 වර්ශයේ Atomic Energy of Canada Limited / කැනේඩියානු පරමාණුක බලශක්ති ආයතනය නම් සමාගම විසින් නිර්මාණය කරන ලද විකිරණ චිකිත්සක යන්ත්‍රය Therac-25 ලෙස හඳුන්වන ලදී.
- කැනඩාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ Therac-25 යන්ත්‍ර 4ක් ස්ථාන 4ක ස්ථාපනය කරන ලදී.
- ඉතා අසාමාන්‍ය රටාවකට හටගත් මෘදුකාංග දෝෂය වසර දෙකක් යන තුරුත් තේරුම්ගත නොහැකි වූ අතර සියල්ල තේරුම් යද්දී ජීවිත 6ක් අහිමි වී විශාල පිරිසක් සදාකාලික අබ්බගාතයන් බවට පත්ව තිබුණි.
- දිනකට විශාල පිරිසකට ප්‍රතිකාර සඳහා යොදා ගන්නා Therac-25 යන්ත්‍රය අහම්බෙන් (මසකට හෝ මාස ගණනකට වරක්) අධි එක්ස් කිරණ ධාරාවක් පිට කරයි.
- එසේ පිට කරන ධාරිතාව කෙතරම් ප්‍රබලද යත් එය, නියමිත ධාරාවට වඩා සිය ගුණයක ප්‍රබල ධාරාවක් විය. ධාරාවේ ප්‍රබල බව නිසාම එවන් අවස්ථාවක යන්ත්‍රය විසින් අසාමාන්‍ය බියකරු ශබ්දයක්ද නිකුත් කරයි.
- එවන් අවස්ථාවක රෝගියාට දැනී ඇත්තේ නටන උණු වතුර භාජනයක් ශරීරයේ ධාරාව එල්ල කරන ස්ථානයට වක් කල ලෙසයි.
- එහෙත් දින ගණනක් යන තුරු අධි විකිරණ ධාරාවට ලක් වුණ ශරීරයේ, අදාල ස්ථානයේ කිසිදු පිළිස්සීමේ ලකුණක් නොපෙන්වන අතර දින කිහිපයක් ගතවන විට අදාල ස්ථානය රතු වී අධික ලෙස පිලිස්සුන ස්වාභාවයක් පෙන්නුම් කරයි. කෙමෙන් කෙමෙන් පිලිස්සීමට ලක්වූ ශරීර අංග අඩපණ වී යයි. සමහරෙක් මරණයටද පත් වේ.
- ධාරාවට නිරාවරණය වූ මොහොතේම සිදු වූ ක්ෂණික මරණයන් නොවන නිසා, Therac-25 යන්ත්‍රය නිපදවූ සමාගම විසින් එම යන්ත්‍රය නිසා රෝගීන් මල බව පිළිගන්නට මැලි විය.
- පසු කලෙක සොයාගත් පරිදි යන්ත්‍රයෙහි පහත සඳහන් අසාමාන්‍ය ආකාරයන්ට අධි බලැති X කිරණ ධාරා නිකුත් වී ඇත.
- යන්ත්‍රයට ආකාර දෙකක ධාරාවන් නිකුත් කිරීමට හැකියාව තිබුණි.
     - මන්දගාමී X කිරණ ධාරාවක් නිකුත් කිරීම
     - ප්‍රබල X කිරණ ධාරාවක් නිකුත් කිරීම.
- රෝගියාගේ පිලිකාවේ ප්‍රබලත්වය අනුව යන්ත්‍ර ක්‍රියාකරු විසින් රෝගියාට ලබා දෙන්නේ කුමන ධාරාවක්දැයි තීරණය කරයි.
* යන්ත්‍ර ක්‍රියාකරු විසින් වැරදීමකින් මන්දගාමී ධාරාව තෝරාගෙන ඇති අතර ඔහු ඒ බව දැක menu එකෙන් නැවතත් ප්‍රබල එක්ස් කිරණ ධාරාව නිකුත් කිරීමට තෝරා ගනී. මෙවන් අවස්ථාවක නියමිත ධාරාව 100 ගුණයකින් වැඩි වී රෝගියාට එල්ල වී ඇත.
* තවත් වරෙක නිකුත් කිරීමට සුදුසු ධාරාවේ ප්‍රමාණය ලබා දී තිබියදී එය නිකුත් කිරීමට අණ දෙන බොත්තම එබූ පසු සුදුසු ධාරා ප්‍රමාණය පරිගණකයට ලබා දී නැතැයි පවසමින් පද්ධතිය විසින් Error Message පෙන්නුම් කරයි.
- එහෙත් ඇත්ත වශයෙන්ම එවන් අවස්ථාවක සිදුව ඇත්තේ අධි බලැති ධාරාවක් රෝගියාට එල්ල වීමයි. එහෙත් යන්ත්‍ර ක්‍රියාකරු මේ බව නොදන්නා නිසා ඔහු සිතන්නේ ධාරාව නිකුත් වී නොමති බවයි.
- ඔහු නැවතත් ධාරාව නිකුත් කිරීමට අණ කරයි. එහෙත් අධි බලැති ධාරාවක් නැවතත් නිකුත් කල පරිගණකය කියන්නේ තමා ධාරාවක් නිකුත් නොකල බවයි.
- වරෙක මේ ආකාරයෙන් එක් රෝගියෙකුට පස් වතාවක් අධි බලැති ධාරා එල්ල කල යන්ත්‍රය කියා සිටියේ තමා කිසිදු ධාරාවක් එල්ල නොකල බවයි.
- අවසන යන්ත්‍ර ක්‍රියාකරු ධාරාව නිකුත් කිරීම සඳහා යන්ත්‍රයට අණ දීම නැවතුවේ, රෝගියාගේ මර විලාපය කණ වැකුන පසුයි.
- මේ වන විට ඉහත සඳහන් කල මෘදුකාංග දෝෂ සොයාගෙන ඒවා නිවැරදි කල අතර බොහෝ පරීක්ෂණ වලින් පසුව යන්ත්‍රය නැවතත් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා යොදා ගැනින.
- නැවතත් යන්ත්‍රය විසින් හිටි ගමන් අධි බලැති එක්ස් කිරණ ධාරාවක් එල්ල කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කල අතර දැන් එය සිදු වන්නේ රෝගීන් 256 දෙනෙකුට වරකි. රෝගීන් 255කට කිසිදු උපද්‍රවයක් නොමැතිව ප්‍රතිකාර කරන යන්ත්‍රය 256 වෙනි රෝගියා මරා දමයි නැත්නම් දැඩි විකිරණ හානියකට ලක් කරයි.
- මේ අරුම පුදුම දෝෂය සොයා ගැනීම සඳහා යන්ත්‍රයේ මෘදුකාංග ක්‍රම ලේඛණය පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ කිසියම් විචල්‍යකට දරා ගත හැකි උපරිම සංඛ්‍යාව 255ක් බවය. එකී විචල්‍යයේ අගය 255ට වඩා වැඩි වූ වනම යන්ත්‍රය අධි බල ධාරාවක් නිකුත් කර විචල්‍ය නැවතත් ශුන්‍ය අගයක් බවට පත් කර ගනී.
- යන්ත්‍රය ඉන් පසු දැඩි ලෙස පරීක්ෂා කර වැරදි සාදා දැඩි මෘදුකාංග තත්ත්ව පරීක්ෂණයකට භාජනය කෙරින. ඉන් පසු ඉන් දෝෂ හට ගත්තේ නැත.
** මෙම සිදු වීම මෘදුකාංග ඉංජිනේරු සහ මෘදුකාංග තත්ත්ව පරීක්ෂණයේ නොසැලිකිලිමත් බව මොනවට කියා පාමින් ක්ෂේත්රයට නොමැකෙන කැලලක් තැබූ සිදු වීමක් ලෙස ඉතිහාසගත වී ඇත.
Written by Ishani Narahenpita (ICT teacher Sri Sumangala College, Hikkaduwa)
|
No comments:
Post a Comment