Multiplicity Photograph බහුවිධ ඡායාරූපය
හරි මේක ටිකක් අමුතු ජාතියේ ඡායාරූපයක්. සාමාන්‍යයෙන් ෆොටෝ එකක එක පුද්ගලයෙක් පෙනී සිටින්නේ එක පාරයිනේ. ඒත් කොහොමද එකම ෆොටෝ එකේ එකම පසුබිමේ ඔබ තැන් කීපයක විවිධ ඉරියව්වලින් ඉන්න ෆොටෝ එකක් තිබුණොත්? පහත ඡායාරූපවල ඉන්නේ අපේ පාසලේ ඡායාරූප සංගමයේ ඉන්න අපේ ගෝලයෝ කීප දෙනෙක්. ඉතින් ඔබත් කැමතිද මේ වගේ ඡායාරූපයක් නිර්මාණය කරගන්න?
ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ ඡායාරූපයක් නිර්මාණය කරලා ඡායාරූප තරඟාවලියක ඩිජිටල් නිර්මාණ අංශය සඳහා ඉදිරිපත් කරන්න.
1. අවශ්‍ය වෙන්නේ කුමන හෝ ආකාරයක ඩිජිටල් කැමරාවක්
2. මෙන්න මේ උපකරණය තිබුණොත් වඩා හොඳයි - කැමරාව රැඳවීමට ත්‍රිපාදයක් නැත්නම් ට්‍රයිපොඩ් එකක්. (නෑ කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. එසේ නොමැති නම් කැමරාව සෙලවීමකට ලක් නොවන සේ කිසියම් ස්ථානයක රඳවා තැබිය යුතුයි.)
3. ෆොටෝෂොප් පිළිබඳ මූලික දැනුම that's all ...
මෙන්න මේ ටික තමා කරන්න ඕන.
පලමුවෙන්ම ඡායාරූප ගැනීම සඳහා සුදුසු පසු බිමක් තෝරාගත යුතු වන අතර ඉන් පසුව ත්‍රිපාදයක කැමරාව සවි කර ගත යුතු වේ. ඉන් පසු තම තමන් කැමරාවේ සාමාන්‍යයෙන් ඡායාරූප ලබා ගන්නා “මෝඩ්” එක තෝරාගෙන ඡායාරූපයට පෙනී සිටින පුද්ගලයා පසු බිමෙහි රඳවා “ටෙස්ට් ෂොට්ස්” කිහිපයක් ගන්න. එම පසු බිමේ ආලෝක තත්ත්වය හොඳනම් සහ එම ආලෝක තත්ත්වය යටතේ පසුබිමේ සිටිනා පුද්ගලයා පැහැදිලිව පෙනෙන්නේ නම් ඡායාරූප ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. නිතර වේගයෙන් වෙනස්වන ආලෝක තත්ත්වයන් සහිත පසුබිමක් මේ සඳහා සුදුසු නොවේ.
- ඡායාරූප ගන්නා කාලය අතරතුර ඔබට කැමරාව එහාට මෙහාට කල නොහැකි වේ.
- ඡායාරූප ගන්නා කාලය අතර තුර කැමරාවේ “සෙටිංස්” වෙනස් නොකල යුතු වේ.
- ඡායාරූපයට පෙනී සිටින තැනැත්තා හට විවිධ ඉරියව්වලින් පසු බිමේ නොයෙක් ස්ථානයන්හි සිටින ලෙසට පවසා ඡායාරූප ලබා ගන්න
මෙන්න මේ විදිහට
* මේ සඳහා පසු බිමෙහි පුද්ගලයෙක්ම සිටීම අත්‍යවශ්‍ය නොවේ. අපට අපගේ ගෙදර ඇති කරන සුරතලාව වුවත් මෙවන් ඡායාරූපයක් ලබා ගැනීම සඳහා භාවිතා කල හැක. එමෙන්ම කිසියම් වස්තුවක් අපට එකම පසු බිමේ තැන් තැන්වල තැබීමෙන්ද බහුවිධ ඡායාරූපයක් නිර්මාණය කර ගත හැක.
පලමුවෙන්ම ඡායාරූප 2ක් හෝ තුනක් ඡායාරූපය සැකසීමට ලබා ගන්න.
* ඡායාරූප සංඛ්‍යාව වැඩි වීම මඟින් එය නිර්මාණය කිරීමේ සංකීර්ණතාවය වැඩි වේ. තවද පුද්ගලයා එක මත එක සිටින ආකාරයේ ඡායාරූප ගැනීමෙන් වලකින්න. එවන් ඡායාරූප භාවිතා කර බහුවිධ රූපයක් නිර්මාණය කිරීමට ෆොටෝෂොප් මෘදුකාංගය සියුම්ව හැසිරවීමේ පල පුරුද්ද සහ දක්‍ෂතාවය තිබිය යුතු වේ. ඔබ කාලයත් සමග ෆොටෝෂොප් මෘදුකාංගය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත් පසු එවන් බහුවිධ ඡායාරූප අත්හදා බලන්න.
* ඡායාරූප සංඛ්‍යාව වැඩි වීම මඟින් එය නිර්මාණය කිරීමේ සංකීර්ණතාවය වැඩි වේ. තවද පුද්ගලයා එක මත එක සිටින ආකාරයේ ඡායාරූප ගැනීමෙන් වලකින්න. එවන් ඡායාරූප භාවිතා කර බහුවිධ රූපයක් නිර්මාණය කිරීමට ෆොටෝෂොප් මෘදුකාංගය සියුම්ව හැසිරවීමේ පල පුරුද්ද සහ දක්‍ෂතාවය තිබිය යුතු වේ. ඔබ කාලයත් සමග ෆොටෝෂොප් මෘදුකාංගය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත් පසු එවන් බහුවිධ ඡායාරූප අත්හදා බලන්න.
ඔබ ගත් ඡායා රූප පරිගණකයට ලබා ගන්න. සැකසීමට නියමිත ඡායාරූප ෆොටෝෂොප් මඟින් විවෘත කරන්න.
එක ඡායාරූපයක් තෝරාගෙන, ඒ මතට අනෙකුත් ඡායාරූප කොපි කර පේස්ට් කරන්න.
*ඔබ නිර්මාණය සිදු කිරීමට අදහස් කරන්නේ ඡායාරූප 3ක් භාවිතා කර නම් ඔබ එක් ඡායාරූපයක් මතට අනෙක්වා කොපි පේස්ට් කල විට ඒවා වෙන වෙනම් ස්ථර (ලේයර්ස්) ආකාරයට එකිනෙක මත පතිත වන හෙයින්, උඩින් පේස්ට් කල රූපයෙන් පහල රූපවලට හානියක් සිදු නොවේ.
දැන් “බැක්ග්‍රවුන්ඩ්” ලේයර් එක ඉතිරිවන සේ ඉතිරි ලේයර්ස්වල පෙනුම හෙවත් “Visibility” එක නැති කරන්න. මේ සඳහා ඒ ඒ ලේයර් එක ඉදිරියෙන් ඇති ඇස මත ක්ලික් කරන්න. එවිට එම ලේයර් එක නොපෙනී යන අතර නැවතත් ඇස මත ක්ලික් කිරීමෙන් ලේයර් එක පෙනීමට පටන් ගනී.
පහල ලේයර් එකේ පුද්ගලයා පෙන්වීම සඳහා ඉහලින් ඇති ලේයර් එකේ අදාල ස්ථානය මකා දමන්න. ඉරේසරයේ “හාඩ්නස් භාවය 0ක් වීම වඩාත් යෝග්‍ය වේ (විහිදී යන ආකාරයෙන් මැකෙන ඉරේසරය). මම කලින් ෆොටෝෂොප් ලෙසන් එකේ කියලා දුන්නේ පේන්ට් බ්‍රෂ් එකේ හාඩ් සහ සොෆ්ට් බ්‍රෂ් තෝර ගන්න හැටි, ඉරේසර් එකත් ඒ විදිහම තමා.
ඉහල ලේයර් එක නිසා පහල ලේයර් එක නොපෙනේ නම් ඉහල ලේයර් එකෙහි “Opacity” අගය 50% දක්වා අඩු කිරීමෙන් ලේය්ර්ස් දෙකම සාධාරණ ලෙස බලා ගත හැක. මෙන්න මේ විදිහට.
පහත ලේයර් එකේ පුද්ගලයා පැහැදිලිව පෙනීම සඳහා ඉහල ලේයර් එකෙහි අදාල ප්‍රදේශය සම්පූර්ණයෙන් මකා දමන්න.
දැන් අනෙකුත් ලේයර්ස් වලටද ඉහත සඳහන් ක්‍රියාවලිය කරන්න. මේ අවසන් ඡායාරූපයයි
එක් එක් පින්තූරයේ ආලෝක මට්ටම වෙනස් වී ඇත්නම් ෆොටෝෂොප් හි Adjustment -> Exposure මඟින් ආලෝක තත්වය ආසන්න ලෙස නිවැරදි කල හැක. නැත්නම් වෙනස් ආලෝක තත්ත්ව නිසා බහුවිධ ඡායාරූපය අවලස්සනට පෙනෙන්න ගනී.
- Ctrl + A = මුළු ඡායාරූපයම සිලෙක්ට් කර ගැනීම
- Ctrl + C = ඡායාරූපය කොපි කිරීම
- Ctrl + P ඡායාරූපය පේස්ට් කිරීම
- [ = ඉරේසරයේ විශාලත්වය අඩු කිරීම
- ] = ඉරේසරයේ විශාලත්වය වැඩි කිරීම
- Ctrl සමග - = ඡායාරූපය විශාලත්වය අඩු කිරීම
- Ctrl සමග + = ඡායාරූපය විශාලනය කිරීම
Written by Ishani Narahenpita- ICT teacher, Sri Sumangala College.
No comments:
Post a Comment