අම්බලන්ගොඩ කලාප කාර්යාලයේ තොරතුරැ හා සන්නිවේදන විෂය ප්‍රචලිත කිරීම සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.පී.චන්ද්‍රාවතී මැතිණියගේ මග පෙන්වීම යටතේ කලාපයේ තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර අධ්‍යක්ෂිකා චින්තානි අතුකෝරළ මැතිනිය අති මහත් කැපවීමකින් කටයුතු කරයි.වර්ෂයක් පුරා විවිධ වැඩමුලු පුහුණුවීම් චාරිකා යොදාගනිමින් සිදු කරන මේ කටයුත්තේදී විෂය භාර ගුරැ උපදේශක ශ්‍රී කාන්ත මැතිතුමාද දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරයි.
මේ බ්ලොග් එක ලියන්න හිතුවේ මීට ටික කලක සිට විෂය භාර අධ්‍යක්ෂිකා චින්තානි මැතිනිය කලාපයේ තොරතුරැ හා සන්නිවේදන විෂය ඉගැන්වීම් කටයුත්තේ යෙදෙන ගුරැවරැන්ගේ ලිපි එකතුවකින් පුවත්පතක් ආරම්භ කිරීමට ගත් උත්සහයන් විවිධ හේතු නිසාවෙන් සිදු නොවූ බැවිනුත් එතුමියගේ කැපවීම හා විෂය ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබද අපගේ ප්‍රණාමය පුදකිරීමටත්ය.මේ බ්ලොග් එක අම්බලන්ගොඩ කලාපයේ අපි සැමට විවෘත වන අතර නොපමාව ඔබගේ අදහස් නිර්මාණ එකතු තරන්න.
No comments:
Post a Comment